ඊයේ (12) ඉන්දියාවේ අහමදාබාද් හිදී සිදු වූ ගුවන් අනතුර ලොව සිදු වූ තවත් බිහිසුණුම ගුවන් අනතුරෙන් පසු එහි ගමන්ගත් ඇතැම් මගීන්ගේ අවසන් මතක සටහන් මේ වනවිට අනාවරණය වෙමින් තිබෙනවා.

ඒ අතර රතික් ජෝෂිගේ පවුලට අත්වූ ඉරණම මේ වනවිට ලොව වඩාත් කම්පාවන කරුණක් බවට පත්ව තිබෙනවා.

මෘදුකාංග ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වන ආචාර්ය ජෝෂි, වසර 6ක් පුරා ජීවත් වූයේ ලන්ඩනයේ වන අතර ඔහු තම දරු තිදෙනා ඇතුළු සිය පවුලට ලන්ඩනයේ සැපවත් ජීවිතයක් ගතකිරීමට වෙහෙස වූ උත්සාහවන්ත පියෙකු විය.

ඔහු අවසානයේ සිය සෙනෙහෙබර පවුල ලන්ඩනයට රැගෙන යාමට අවශ්‍ය මගවිවරගෙන ඊයේ මෙම ගුවන් යානයට ගොඩ වී ඇත.

වෛද්‍යවරියක වූ ඔහුගේ බිරිඳ මෙම ගමන වෙනුවෙන් ඇගේ රැකියාවටද සමු දී වයස අවුරුදු පහක නිවුන් දරුවන් වන පිරිමි දරුවන් දෙදෙනා සහ 8 හැවිරිදි දියණිය සමඟ නව ජීවිතය වෙනුවෙන් සියලු බලාපොරොත්තු පොදිබැඳන් ගුවන් යානයට ගොඩ වූ ජෝෂි යුවළ, දරු තිදෙනා සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමටද අමතක නොකළාය.

කෙසේ නමුත් එය ඔවුන් ගන්නා අවසන් සෙල්ෆිය වනු ඇතැයි සිහිනෙකින් හෝ හිතන්න නැතුව ඇත.

විනාශකාරී ඛේදවාචකය සිදුවීමට මිනිත්තු කිහිපයකට පෙර, සිනහවෙන් පිරුණු ඒ සෙල්ෆිය අද ලොවම සංවේදී කළ ඡායාරූපයක් වී ඇත.

අවාසනාවන්ත අනතුරට ලක්වීමට පෙර ජෝෂි පවුල ලොව පුරා රටවල් රැසක සංචාරය කර තිබෙන අතර, ඒ අතර ශ්‍රී ලංකාවටද වරක් පැමිණ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here