දිවුලපිටිය පොලිසියෙන් කරන ලද වැටලීමකදී කෝටි දෙකක වටිනාකමකින් යුක්ත වාලම්පුරියක් සමග සැකකරුවන් හයදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ, දිවුලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මත කළ පරීක්ෂා කිරීමකදීයි.
ඒ අනුව දිවුලපිටිය මරදගහමුල මාර්ගයේ සැකපිට පුද්ගලයින් හයදෙනෙක් පරීක්ෂා කර ඇති අතර, එහිදී එක් පුද්ගලයෙක් ළඟ සූක්ෂම ලෙස සඟවාගෙන තිබූ වාලම්පුරියක් සොයාගැනීමට දිවුලපිටිය පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට හැකිව තිබෙනවා.
සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් පොලිසිය වෙත රැගෙන ගොස් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ ගම්පොළ සිට දිවුලපිටියට ගෙන ආ වාලම්පුරිය කෝටි දෙකකට දිවුලපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට අලෙවි කිරීම සඳහා රැගෙනවිත් ඇති බවයි.
වාලම්පුරියේ ප්‍රධාන සැකකරු ඉදිරියේදී මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් අනෙක් සැකකරුවන් පස්දෙනාගෙන් ප්‍රශ්න කරන බවයි දිවුලපිටි පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති නිහාල් දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
(මිනුවන්ගොඩ – දමිත් තිසර)