ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයේ තෙවන දිනය අදයි.

ඒ අනුව දෙවන දිනය සඳහා තරගය නතර කරන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 144 ක් ලබා සිටියා.

සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 138 කට සීමා වූ අතර එහිදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළේ, David Bedingham වන අතර ඔහු ලකුණු 45 ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් Pat Cummins කඩුලු 6 ක් බිඳ හෙළීමට සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 212 ක් ලබා ගත්තා‍.

ඒ අනුව මේ වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියා කණ්ඩායම දකුණු අප්‍රිකානු පළමු ඉනිමට වඩා ලකුණු 218 ක් ඉදිරියෙන් පසුවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here