ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සහ ඖෂධ මිලදී ගැනීමේදී රජයේ මුදල් සාපරාදී සාවද්‍ය
පරිහරණය කළේ යයි කියන සිද්ධියට අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ
විනිසුරු මඩුල්ලක් හමුවේ අධිචෝදනා බාර දෙන බැවින් මලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය
හමුවේ පවතින නඩුව සම්බන්ධයෙන් අවසන් වාර්තාව ලබන ජුනි 19 වැනිදා අධිකරණයට
ඉදිරිපත් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට මලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනි
අබේවික්‍රම මහත්මිය නියෝග කර තිබෙනවා.
ඊයේ (12) මලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය හමුවේ නඩුව කැඳවනු ලැබු
අවස්ථාවේදී එම නියෝගය නිකුත් කළා.
නඩුව කැඳවු අවස්ථාවේ දී කරුණු දක්වමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සඳහන්
කළේ පලමු වන සැකකරුගෙන් ලබා ගත් බේත් කුප්පි සහ රෝහල් වලටබේදා හරිනු ලැබු බේත්
කුප්පි සම්බන්ධයෙන් රස පරික්ෂන වාර්තාවක් කැඳවා ඇති බවයි.
එමෙන්ම නඩුවේ සියලුම වාර්තා නීතිපතිවරයාට යොමු කර ඇති බවත් අවසන් වාර්තාව
නීතිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බැවින් ඒම වාර්තාව ඉදිරිපත්
කිරීමට කෙටි දිනයක් ලබා දෙන ලෙසද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා
සිටියා.
ඒ අනුව ලබන 19 වැනිදා එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග
කළා.
නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී බාල ඖෂධ ගෙන්වූ බව කියන අයුසුලේට් බයොටෙක් ෆර්මා
සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු බන්ධනාගාරය මගින් අධිකරණය ඉදිරිපත් නොකල
අතර ඔහුගේ රක්ෂිත කාලය දිර්ඝය කිරීම එදිනට ප්‍රකාශයට පත් කරන බවද මහෙස්ත්‍රාත්වරිය සඳහන්
කළා.
වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, අමාත්‍යාංශයේ හිටපු
ලේකම් ජනක චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත්
මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල,
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක, ඖෂධ නියාමන අධිකාරියේ හිටපු
ප්‍රධාන විධායක නිලධාරී විජිත් ගුණසේකර, හිරාන් ධනජංය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොග පාලක
සුජිත් කුමාර සහ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන,
වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ ශාන්තිනි සොලමන්ස් යන සැකකරුවන් අධිකරණය හමුවේ
පෙනී සිටි අතර වෛද්‍ය ජයනාත් බුත්පිටිය යන මෙම නඩුවේ 09 වැනි සැකකරු ලෙස නම් කර ඇති
සැකකරු මේ වන විට විදෙස්ගත සිටිනවා.
එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට ජාත්‍යන්තර පොලිසිය වෙත රතු නිවේදනද යවා
තිබුනද මේ දක්වා අත්අඩංගුවට ගැනීමට නොහැකිව ඇත.