ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා එළඹෙන 20 (ජුනි 20) වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

ඒ ඔහු අද (13) පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

තුසිත හල්ලොලුව මහතා මෙලෙස බන්ධනාගාර ගතව සිටින්නේ, ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රුපියල් හාර ලක්ෂ හැත්තෑ අටදහසකට අධික වටිනාකමින් යුත් ලැප්ටොප් පරිගණකයක් හා ජංගම දුරකතනයක් ඇතුළු භාණ්ඩ ප්‍රමාණයක් සාපරාධි සාවද්‍ය පරිහරණය සිදු කළ බවට සිදුකරන විමර්ශනයකට අදාළවයි.

2017-2019 සමයේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ තුසිත හල්ලොලුව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here