විස්සයි20 තරග බිමේ වේගවත්ම ලකුණු 150 ලෝක වාර්තාව අලුත් කිරීමට නවසීලන්තයේ ෆිල් ඇලන් සමත් වුණා.
අමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගත් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය වන මේජර් ලීග් (MLC) තරගාවලියේ මෙවර තරගාවාරය ආරම්භකරමින් පැවති තරගයේදී ඔහු මෙම සුපිරි වාර්තාව පිහිටු වීය.
වොෂින්ටන් ෆ්‍රීඩම් කණ්ඩායමට එරෙහිව ඔහු මෙම දක්ෂතා දැක්වීය.
මෙහිදී ඇලන් පන්දු 49කින් ලකුණු 150 සම්පූර්ණ කළේය.
පන්දු 51කින් ගොඩනැගුණු ඔහුගේ සම්පූර්ණ ඉනිමට හයේ පහර 19ක් හා හතරේ පහර 5ක් ඇතුළත් විය.
ඇලන් විසින් බිඳදමනු ලැබුවේ 2022 වසරේ දී දකුණු අප්‍රිකාවේ ඩිවාල්ඩ් බ්‍රෙවිස් එරට විස්සයි20 ලීගයේදී පන්දු 52කින් ලකුණු 150 සම්පූර්ණ කර පිහිටුවා තිබූ වාර්තාවයි.