2025 ජුනි මාසයේ පළමු දින 10 තුළ දී 43,962ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.

මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,073,765 බවයි ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.

ජුනි මාසයේ පළමු දින 10 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ජුනි 5 වන දිනයි.

ඒ 5,421ක සංචාරකයින් පිරිසක්.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, මෙම මාසයේ පළමු දින 10 තුළ පමණක් සංචාරකයින් 43,962 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි.

ඉන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්.

එම සංඛ්‍යාව 12,362 කි.

මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 3,740 ක්, බංගලාදේශයෙන් සංචාරකයින් 2,717ක්, ජර්මනියෙන් 2,439ක් සහ චීනයෙන් සංචාරකයින් 2,403ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇති බවත් එම වාර්තාවල සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here