ඉරාන සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි, මේජර් ජෙනරාල් මොහොමඩ් බගෙරි ඊශ්‍රායල ප්‍රහාරවලින් මිය ගිය බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කර තිබෙනවා.
ඉරානයේ ඉහළම පෙළේ හමුදා නිලධාරියෙකු වන බගෙරි, ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය දෙවන ජ්‍යෙෂ්ඨ පුද්ගලයා බවද සඳහන්.
අද උදෑසන සිදුවූ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) ප්‍රධාන අණදෙන නිලධාරී ජෙනරාල් හුසේන් සලාමි ද මියගොස් තිබුණා.
මේ අතර ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ඉරානයේ සන්නද්ධ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් අබොල්ෆාස්ල් ෂෙකර්චි අනතුරු අඟවා සිටින්නේ මෙම ප්‍රහාරයට ඊශ්‍රායලයට සහ අමෙරිකාවට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවයි.