වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් ඉලංකෙයි තමිල් අරසු පක්ෂය (ITAK) යාපනය මහනගර සභාවේ බලය පිහිටුවා තිබෙනවා.
ඒ අනුව, ITAK හි විවේකානන්දරාජා මදිවදනි යාපනය මහනගර සභාවේ නගරාධිපති ලෙස තේරීපත් වූ බවයි ITAK ප්‍රධාන ලේකම් M.A. සුමන්තිරන් සමාජ මාධ්‍ය සටහනක් තබමින් සඳහන් කළේ.
නගරාධිපති ධුරය සඳහා පැවති ඡන්ද විමසීමේදී ඇයට ඡන්ද 19 ක් ලැබී තිබෙනවා.