හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය බදාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
හමුවට කැඳවා තිබුණා.
ඒ අනුව එහි ගිය හිටපු ජනාධිපතිවරයා එහි සිටි නිලධාරීන්ගෙන් තමන්ව කැඳවූයේ මන්දැයි
විමසා සිටි අතර එහිදී ඔවුන් පවසා ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයාව
සිටි සමයේදී ප්‍රමිතියෙන් තොර ඖෂධ තොගයක් ගෙන්වීමේ සිද්ධියට අදාළව කැබිනට් මණ්ඩල
අනුමැතිය ලබාගත් ආකාරය පිළිබඳව විමසීම සඳහා මෙසේ කැඳවූ බවය.
එහිදී හිටපු ජනාධිපතිවරයා එම නිලධාරීන්ට කරුණු පැහැදිලි කරමින්, මේ ආකාරයෙන් කැබිනට්
මණ්ඩලය සම්බන්ධ දේවල් විමසිය නොහැකි බවත් කැබිනට් මණ්ඩලය සම්බන්ධ දෑ ගැන ප්‍රශ්න
කිරීමට අධිකරණයටවත් නොහැකි බවත් පෙන්වාදී තිබෙනවා.
කැබිනට් තීරණ සම්බන්ධ තොරතුරු කිසිවෙකුට පිටතට ලබාදිය නොහැකි බව පවසා ඇති හිටපු
ජනාධිපතිවරයා එසේ කැබිනට් තීරණයකට එකඟ වූ හෝ එකඟ නොවූ අය පිළිබඳව පිටස්තර
පාර්ශ්වයකට තොරතුරු ලබාදෙන්නේ නම් එකී කැබිනට් මණ්ඩලයේ සියලුම සාමාජිකයින්ගේ
එකඟතාව මත එය සිදුකළ යුතු බවත් එසේ නොවන්නේ නම් එය නීතියට පටහැණි බවත් ප්‍රකාශ
කර සිටි බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
එමෙන්ම කැබිනට් මණ්ඩලයට අදාළ නීතිය පිළිබඳව ග්‍රන්ථයක නමක් ද පවසා ඇති හිටපු ජනාධිපති
රනිල් වික්‍රමසිංහ විමර්ශන සිදුවන්නේ මේ ආකාරයට නම් තමන්ට සිදුවන්නේ එම ග්‍රන්ථයත් රැගෙනවිත්
නීතිපතිවරයාට නීතිය කියාදීමට බවත් ප්‍රකාශ කර CID යෙන් පිටව ගියා.