ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගමේ නව සභාපතිවරයා ලෙස දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ පළපුරුද්ද සහ අත්දැකීම් සහිත අමල් නිරෝෂණ අත්තනායක මහතා පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා .

ඊට අදාළ පත්වීම් ලිපිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අමල් නිරෝෂණ අත්තනායක මහතා වෙත ලබාදීම අද (13) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කළා .

වසර 25 කට අධික කාලයක් පුරා දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළ පළපුරුදක් සහිත අමල් නිරෝෂණ අත්තනායක මහතා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් .

ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිධාරියෙක් වන අතර විශ්ව විද්‍යාල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කර තිබෙනවා .

තවද ටෙනිස් ක්‍රීඩාවෙන් මෙරට නියෝජන්‍ය කරමින් ජාත්‍යන්තරය තරඟාවලි සඳහා ද සහභාගී වී ඇති බවයි සඳහන් වන්නේ .

දේශීය මෙන්ම වි‌දේශීය වෙළෙද සන්නාම රැසක නිර්මාණකරු වන අත්තනායක මහතා දකුණු ආසියාවේ මෙන්ම මෙරට ජාත්‍යන්තර ප්‍රදර්ශණ කිහිපයක් මෙහෙයවීම සහ කළමණාකරණය සිදු කර තිබෙනවා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here