ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දෙවැනි ඉනිමට පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියළුදෙනා දැවී ලකුණු 207ක් රැස් කර ගැනීමට සමත් වුණා.

ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට දෙවෙනි ඉනිමට හිමි ඉලක්කය ලකුණු 282ක්.

ලකුණු 138කට සීමා වූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පළමු ඉනිමට වඩා ලකුණු 74ක් ඉදිරියෙන් ඇරඹූ ඔස්ට්‍රෙලියානු දෙවැනි ඉනිම නිමාවන විට ලකුණු 281ක් දක්වා ඉදිරියට ගෙන ඒමට සමත් වුණා.

නොදැවී පන්දුවට පහරදුන් Mitchell Starc ලකුණු 58ක් රැස් කළා.

පන්දු යැවීමේදී Kagiso Rabada ලකුණු 04ක්ද, Lungi Ngidi කඩුළු 03ක්ද, Marco Jansen, Aiden Markram සහ Wiaan Mulder එක් කඩුල්ල බැගින් දවාගනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here