මැදපෙරදිග වර්ධනය වෙමින් පවතින තත්ත්වය සමනය කරගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රජය ඊශ්‍රායලයෙන් හා ඉරානයෙන් ඉල්ලා සිටිනවා.

ඊශ්‍රායලය ඉරානයේ හමුදා හා න්‍යෂ්ඨික ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් වර්ධනය වෙමින් පවතී.

ඒ අනුව ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා රජයේ අවදානය මේ වන විට යොමුව තිබෙනවා.

ශ්‍රී ලංකා රජය ඊශ්‍රායලයෙන් හා ඉරානයෙන් ඉල්ලා සිටින්නේ, පවතින තත්ත්වය රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නයන්ගෙන් සමනය කර ගැනීමට කටයුතු කරන ලෙසයි.

‘ඊශ්‍රායලය සහ ඉරානය අතර මෑත කාලීනව වර්ධනය වී ඇති ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානය යොමුකර සිටියි.

දෙරට අතර කටයුතු සාමකාමීව සිදු කරන ලෙසත්, රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවල නිරතවන ලෙසත්, නොසන්සුන්සකාරී තත්ත්වය සමනය කිරීම සඳහා මුලපිරීම් අනුගමනය කරන ලෙසත් අපි ඉල්ලා සිටින්නෙමු.

දෙරටේ තිබෙන ශ්‍රී ලංකා දූත මණ්ඩල මඟින් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර දෙරටෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව ද කටයුතු කරයි.

එලෙසම ඔවුන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙසත් සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙසත් දූත මණ්ඩල මඟින් උපදෙස් ලබාදි ඇත.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here