බිරිඳගේ අවසන් කැමැත්ත ඉටු කර නැවත තම දරුවන් දෙදෙනා සමග එක්වීමට බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර බලා පිටත්ව යාමට ඊයේ (12) දිනයේ දී එයාර් ඉන්දියන් ගුවන් යානයට ගොඩවී, ජීවිතක්ෂයට පත් වූ පියෙකු පිළිබඳව අනුවේදනීය ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අර්ජුන් පටෝලියා නමැති පුද්ගලයෙක් වන අතර මීට සතියකට පමණ පෙර ඔහුගේ බිරිඳ ලන්ඩනයේදී ජීවිතක්ෂයට පත් ව ඇති අතර, ඇයගේ අවසන් ඉල්ලීම වී ඇත්තේ ඇයගේ භෂ්මාවශේෂ ඇය උපන් බිම වන ගුජරාටයේ අමේලි දිස්ත්‍රික්කයේ තැන්පත් කරන ලෙසයි.

එම ඉල්ලීම ඉටු කිරීම සඳහා ලන්ඩනයේ සිට ගුජරාටයට පැමිණි ඔහු බිරිඳගේ ඥාතීන් හා එක්ව බිරිඳගේ භෂ්මාවශේෂ ගුජරාටයේ තැන්පත් කර දින කිහිපයකට පසු යළිත් තම දරුවන් දෙදෙනා සමග එක්වීමට ලන්ඩනය බලා ගමන් ඇරඹීමට කඩාවැටුණු බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් යානය ගොඩ වී තිබෙනවා.

අර්ජුන් ද ගුවන් යානය කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත් වූ මගීන් 241 දෙනා අතර සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here