මරදාන පංචිකාවන්ත අම්මාන් කෝවිල අසල ප්‍රදේශයේදී ඊයේ (13) මධ්‍යම රාත්‍රියේදී පුද්ගලයකු ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීමක් ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් විවර්ත වී ඇතැයි මරදාන පොලිසියය කියයි.

මෙලෙස වෙඩි තැබීමට උත්සාහ දරා ඇත්තේ මරදාන පංචිකාවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටය.

එම පුද්ගලයා ත්‍රී රෝද රථයක් අලුත් වැඩියා කටයුතු සිදු කරමින් සිටියදී එම ස්ථානයට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් වෙඩි තැබීමට තැත් කර ඇති අතරේ එම අවස්ථාවේදී එම ගිනි අවිය ක්‍රියාත්මකවී නොමැත.

ඒ සමගම තීරෝද රථය අලුත් වැඩියා කරමින් සිටි පුද්ගලයා එම ස්ථානයෙන් පලා ගොස් ඇති අතර යතුරු පෙදියෙන් පැමිණි පුද්ගලයින් දෙදෙනා යතුරු පැදියේ නැග නැග පළා යමින් සිටියදී වෙඩි උණ්ඩයක් බිමට තබා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

(බන්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here