2025 ICC ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර අවසන් මහා තරගය අද (14) සිව්වැනි දිනටත් ලෝඩ්ස්හිදී පැවැත්වේ.
ඊයේ (13) දිනයට තරගය අවසන් වන විට ලකුණු 282ක ඉලක්කයක් හඹා යන දකුණු අප්‍රිකාව කඩුලු 2ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 213ක්.
විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරන ඒඩ්න් මාක්‍රාම් නොදැවී ලකුණු 102යි.
ටෙස්ට් ක්‍රිකට් පිටියේ මාක්‍රාම්ගේ 8වැනි ශතකය මෙයවේ.
ටෙම්බා බවුමා නොදැවී ලකුණු 65යි.
ඒ අනුව කඩුලු 8ක් අතැතිව දකුණු අප්‍රිකාවට ජයග්‍රාහණය සඳහා ලකුණු 69ක් අවශ්‍ය වී තිබේ.
පළමු ඉනිමට ඔස්ට්‍රේලියාව රැස් කළ ලකුණු 212ට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 138ක්.
දෙවැනි ඉනිමට ඔස්ට්‍රේලියාව රැද් කිරීමට හැකිවූයේ ලකුණු 207ක් පමණයි.