පළාත් පාලන ආයතන ආයතනවලට තේරීපත්වූ සභිකයින් 223කුගේ නම් මෙතෙක් ලැබී නැතැයි, මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එම නාම යෝජනා කඩිනමින් යොමුකරන ලෙස පක්ෂවලට හා ස්වාධීන කණ්ඩායම්වලට යළි දැනුම් දුන් බවයි එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසුවේ.
කොමිසම වෙත ලැබුණු සභිකයින් 104 දෙනෙකුගේ නම් ඊයේ (13) දිනයේත් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.
පසුගිය මස 6 වැනිදා පැවැති පළාත් පාලන ඡන්ද විමසීමෙන්, බහුතර පළාත් පාලන ආයතන සංඛ්‍යාවක ජය තහවුරු කරගැනීමට ජාතික ජන බලවේගය සමත් විය.