කුලි පදනම මත වාහන ලබාගෙන පසුව ව්‍යාජ ලේඛන සකස් කර එම වාහන අලෙවි
කිරීමේ ජාවාරමක නිරතවූ සැකකරුවන් දෙදෙනෙකු බස්නාහිර පළාත් උතුර අපරාධ
කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද
තොරතුරක් මත ඊයේ (13) කඩවත පොලිස් වසමේ මහර ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර
ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
මොවුන් කුලී පදනම මත වාහන ලබාගෙන එම වාහන වලට ව්‍යාජ ලේඛන සකස් කර
අලෙවි කරන බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
කුලී පදනම් මත වාහන ලබා දෙන බවට දැන්වීම් පල කර ඇති ස්ථාන වලට මෙම
සැකකරුවන් විසින් දුරකථන ඇමතුම් ලබාගෙන එම වාහන මසකට කෝ සති කිහිපයකට
අත්තිකාරම් මුදල් ගෙවා කුලී පදනම මත ලබාගෙන ව්‍යාජ ලෙස ලියා පදිංචි පොත් හා
අනෙකුත් ලේඛන සකසා අලෙවි කර ඇති බව හෙළිකරගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30 හා 36 වයස්වල පසුවන මාලිගාවත්ත හා හොරණ
ප්‍රදේශ වල පදිංචිකරුවන් බව පොලිසිය පවසනවා.
මෙම එක් සැකකරුවෙකුට හොරණ මහේස්ත්‍රාත් අධිකරණයේ වරෙන්තු නිකුත් කොට ඇති
බවද අනවරණය වනවා.
මෙම සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 23 මිලිග්‍රෑම් 650 ක්, ව්‍යාජ ලෙස
සකස් කරන ලද තාවකාලික රියදුරු බලපත්‍රයක්, ජාතික හැඳුනුම්පතක්. ආදායම් බලපත්‍රයක්,
මෑතකදී ලියාපදිංචි කල වාහන අංක තහඩු දෙකක් හා අපරාධය සඳහා යොදා ගත් ජංගම
දුරකථන 05 ක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් සිදු කල වැඩිදුර විමර්ශනයේදී තවත් අපරාධ රැසක්
අනාවරණය
අනුරාධපුර පොලිස් වසමේ වැන් රථයක් කුලී පදනම මත ලබා ගෙන රුපියල් ලක්ෂ 104 ක
මුදලකට විකිණීම.
බොරැල්ල පොලිස් වසමේ කාර් රථයක් කුලී පදනම මත ලබා ගෙන රුපියල් ලක්ෂ 90 ක
මුදලකට විකිණීම.
පානදුර පොලිස් වසමේ කාර් රථයක් කුලී පදනම මත ලබා ගෙන එන්ජින් අංක හා වැසි
අංක වෙනස් කර රුපියල් ලක්ෂ 58 ක මුදලකට විකිණීම.
මොරගහහේන පොලිස් වසමේ කාර් රථයක් කුලී පදනම මත ලබා ගෙන රුපියල් ලක්ෂ
50ක මුදලකට විකිණීම.
වැල්ලම්පිටිය පොලිස් වසමේ කාර් රථයක් කුලී පදනම මත ලබාගෙන රුපියල් ලක්ෂ 42ක
මුදලකට විකිණීම ඇතුළු වංචා රැසක් හෙළිවී තිබෙනවා.
මොවුන් අද (14) දින මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාස වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා .