දකුණු උල්හිටියාව ප්‍රදේශයේ නිවසක් බලා ගත් පුද්ගලයෙකු ඝාතනය කොට නිවසේ
නවතා තිබු වෑන් රථයක් කොල්ලකා තිබෙනවා.

වෙන්නප්පුව පොලිස් වසමේ දකුණු උල්හිටියාව ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත පය ගැට
ගසා ඝාතනය කර නිවසෙහි තිබූ වෑන් රථයක් කොල්ලකෑමක් සම්බන්ධයෙන්
වෙන්නප්පුව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

අපරාධය වූ නිවසේ නිවැසියන් ඉතාලි රටේ පදිංචිව සිටින අතර ඝාතනයට ලක්වූ තැනැත්තා
පමණක් එම නිවසේ මුරකරු වශයෙන් සේවය කරමින් සිට ඇත.

විදේශ ගතව සිටින නිවැසියන්ගේ ඥාතියෙකු එම නිවසට පැමිණි අවස්ථාවේ මරණකරු
අත පය ගැට ගසා නිවසේ කාමරයක මියගොස් සිටිනවා දැක තිබෙනවා.

පසුව තවදුරටත් සොයා බැලීමේදී නිවසේ ගරාජයේ නවතා තිබූ වෑන් රථයද නොමැති
බවද නිරික්ෂණයවී ඇත.

පසුව මේ පිලිබඳ වෙන්නප්පුව පොලිස් ස්ථානයට පැමිණිලි කිරීමෙන් පසු නිලධාරීන්
කණ්ඩායමක් එහි ගොස් විමර්ශනයක් ආරම්බ කළා.

මියගිය පුද්ගලයා අවුරුදු 64 ක් වයසැති මාරවල මුදුකටුව, ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු
ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here