චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් මත මේ දිනවල චීනයේ සංචාරයක නිතරත වී සිටින
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුලු පිරිස චීන කොමියුනිස්ට් පක්ෂයේ
ගුයිජෝ ප්‍රාන්ත කමිටුවේ ප්‍රධාන ලේකම් ක්ෂියු ලින් (Xu Lin) ඇතුළු එම ප්‍රාන්තයේ ඉහළ මට්ටමේ
දේශපාලන නායකයින් පිරිසක් අතර සාකච්ඡාවක් පැවැත් වුණා.

මෙම සාකච්ඡාව ගුයිජෝ ප්‍රාන්තයේ පිහිටි ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවෙිදී පැවති බව වාර්තා
වනවා.

මෙම හමුවේදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගය ලද ජයග්‍රහණය වෙනුවෙන් සුභ
පැතුම් එක්ක කළ චීන කොමියුනිස්ට් පක්ෂයේ ගුයිජෝ ප්‍රාන්ත කමිටුවේ ප්‍රධාන ලේකම් ක්ෂියු ලින් (Xu Lin)
මෙම හමුව තුළින් ජනතා විමුක්ති පෙරමුණත් චීන කොමියුනිස්ට් පක්ෂයත් අතර පවතින දීර්ඝ කාලීන
මිත්‍රත්වය තව දුරටත් ශක්තිමත් වන බව සඳහන් කළා.

එමෙන්ම මෙම සංචාරයේදී අත්දැකිම් විශාල ප්‍රමාණයක් එක්කර ගැනිමට හැකි වනු ඇතැයි තමන්
අපේක්ෂා කරන බවත් ඒහිදී ඔහු සඳහන් කරනු ලැබුවා.

චීන කොමියුනිස්ට් පක්ෂය විසින් අද වනවිට චීනය ලොව දැවැන්තම ආර්ථිකයක් හිමි රටක් බවට ඔසවා
තබා ඇති බවත් එය චීන ජනතාව ලද ජයග්‍රාණයක් බවත් ඒ් වෙනුවෙන් ෂී ජින් පින් සහෝදරයා ඇතුළු
නායකයින් විශාල කාර්ය භාර්යයක් ඉටු කොට ඇති බවත් මෙහෙදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන
ලේකම් ටිල්වින් සිල්වා පෙන්වා දුන්නා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here