කන්කසන්තුරය ප්‍රදේශයේ පොලිස් ස්ථාන දහයකට ප්‍රහාරයක් එල්ල කරන බවට කන්කසන්තුරය
පොලිසියට ලැබුණු තර්ජනාත්මක දුරකථන ඇමතුම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර
ඇතැයි වැඩ බලන මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. කේ. වුට්ලර් ප්‍රකාශ කළා.
කන්කසන්තරය පොලිසියේ දුරකථනයට පසුගිය 11 වනදා දහවල් ඇමතුමක් ලැබී ඇති අතර
ඒ මොහොතේ කාර්යභාර නිලධාරී ලෙස කටයුතු කළ සැරයන්වරයෙකු අදාල ඇමතුම ලබාගෙන
තිබෙනවා.
දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා විසින් අද (11) දවස තුළ කන්කසන්තුරය ප්‍රදේශයේ පොලිස්
ස්ථාන දහයකට ප්‍රහාරයක් එල්ල කරන බව පවසා දුරකථනය විසන්ධිකර ඇතැයි පොලිසිය
සඳහන් කරනවා.
මේ සම්බන්ධයෙන් කන්කසන්තුරය මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා දැනුම්වත් කිරීමෙන් අනතුරුව
ඉහළ නිලධාරීන් දැනුවත් කොට අවශ්‍ය පියවර ගෙන ඇත.
මේ පිළිබඳව වැඩ බලන මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. කේ. වුට්ලර්ගෙන් කළ
විමසීමකදී කියා සිටියේ කන්කසන්තුරය මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් විමර්ශනයක්
අරම්බකොට ඇති බවයි.
කිසියම් මානසික ව්‍යාධියකින් පෙලෙන පුද්ගලයකු මෙලෙස තර්ජනයක් කෙළේද යන්න ගැන සැක
මතුවී තිබෙන බව සඳහන්.
එමෙන්ම පොලිස් ස්ථානවල හා පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව කෙරෙහිද අවධානය යොමු
කොට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.