පානදුර මහබෙල්ලන තොටුපොල පාරේ නිවාඩු නිකේතනයක් තුළ මුහුණු පොත ඔස්සේ සංවිධානය කළ මත්ද්‍රව්‍ය සාදයක් වටලා පෞද්ගලික විශ්ව විද්‍යාලයේ සිසුන් දස දෙනෙකු ඇතුළු 26 කු අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාර තරුණයන් 16 කු සන්තකයේ තිබී ගංජා සහ හෑශ් මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා විට සියලුම සැකකරුවන් දැඩි මත් ගතියෙන් පසුවූ බව පොලිසිය සඳහන් කරයි.
මහබෙල්ලන තොටුපොල පාරේ නිවාඩු නිකේතනයකට පැමිණි පිරිසක් කෝෂාකාරී සංගීතය මධ්‍යයේ කෑ කෝ ගසිමින් හැසිරීම පීඩා ගෙන දෙන්නක් බව පවසමින් අද අලුයම 1.30 ට පමණ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පැමිණිල්ලක් අළුබෝමුල්ල පොලිසිය වෙත යොමු කිරීමෙන් අනතුරුව අළුබෝමුල්ල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරිසක සංජීව ලක්මාල් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් නිවාඩු නිකේතනය වටලා මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.
අත්අඩංගුවට ගත් එම තරුණයන් පිරිස පරීක්ෂා කිරීමේදී 16 කු සතුව මත්ද්‍රව්‍ය තිබූ බවත් පොලිසිය සඳහන් කරයි.
එකී පිරිස වෙත විවිධ වර්ණයෙන් යුත් අත් පළඳලා ලබාදීම සිදුකර තිබූ අතර ඒ අනුව මත්ද්‍රව්‍ය සැපයීම සංවිධායකයා විසින් සිදු කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙවැනි ආකාරයේ සාද සංවිධානය කරන හොරණ පොකුණු විට ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් අනවසරයෙන් මෙය සංවිධානය කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම සැකකරු විසින් මෙම නිවාඩු නිකේතනය ඊයේ (13) පස්වරු 4 සිට අද පෙරවරු 11 දක්වා ලබාගෙන තිබූ බවද වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සියලුම තරුණයන් වයස අවුරුදු 20/27 වයසේ පසු වන්නන් වනඅතර ඔවුන් බණ්ඩාරගම මිල්ලනිය පානදුරා පොකුණු විට රත්නපුර ආදී ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකාර තරුණයන් 16 නා පානදුර අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යෙදූ බවත් සෙසු තරුණයන් 10 නා සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැරිය බවත් පොලිසිය කියයි.
අළු බෝමුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ගොන් හිරිකිත චිත්ත රූප කතන්දර නිව්ස් යකෝ මේවා
බඩුත් උබලෑ නඩුත් උබලෑ