පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සමග ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අවදානම
පිලිබඳ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිදානය අනතුරු අඟවනවා.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක – කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර,බුලත්සිංහල
හා අගලවත්ත – මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළකොරලේ – කෑගල්ල දිස්ත්‍රික්කයේ
දැරණියගල,දෙහිඕවිට හා යටියන්තොට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ රත්නපුර
දිස්ත්‍රික්කයේ රත්නපුර,කුරුවිට,නිවිතිගල,ඇහැලියගොඩ හා අයගම යන ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාස බල ප්‍රදේශවල නාය යෑමේ අවදානමක් පවතින බවට හඳුනාගෙන ඇති ප්‍රදේශවලට
කහ වර්ණයෙන් යුත් මුලීක අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.
පසු ගිය පැය 24 තුල එම ප්‍රදේශවලට මිලි මිටර් 75 ඉක්මවා වර්ෂාපනනයක් ලැබී ඇති බැවින්,
වර්ෂාව නවදුරටන් පවතී නම් නායයෑමේ, බෑවුම් කඩා වැටීමේ, ගල් පෙරළීමේ, පස් කණ්ඩි කඩා
වැටීමේ සහ පොළොව ගිලා බැසීමේ අවදානම් පිළිබදව විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි
පර්යේෂණ සංවිදානය එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලසිටිනවා.