නිරිත දිග මෝසම සක්‍රීයවීමත් සමග හටගෙන තිබෙන අයහපත් කාලගුණ තත්ත්වයේ
බලපෑම හේතුවෙන්, හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා
සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ
වල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60 ත් 70 ත් අතර මට්ටමක් දක්වා වැඩිවිය
හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බවද දැනුම් දෙනවා.
එබැවින් මෙම මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ
ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති වන
බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවර එළිය, මහනුවර, ගාල්ල, මාතර සහ පුත්තලම
දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැක.
උතුරු පළාතේත් අනුරාධපුරය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වන බව නිවේදනය
කරනවා.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී
ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු මැද, සබරගමුව, වයඹ සහ දකුණු
පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් විටින් විට තද සුළං ඇතිවිය හැක අතර සුළඟ හමන
වේගය පැයට කිලෝ මීටර් 50 ත් 60 ත් අතරව්මට්ටමක පැවතිනි ඇත.
තද සුළං වලින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන්
ඉල්ලා සිටිනවා.