පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සැමියා විසින් සිදුකළ වෙඩි තැබීමකින් බිරිඳ ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (14) සවස් කාලයේදී එම සිදුවීම වාර්තා වී තිබුණේ මැදගම පොලිස් වසමේ බලගස්ආර ප්‍රදේශයෙනි.

බලගස්ආර මාර්ගය ආසන්නයේ වෙඩි වැදී තුවාල ලබූ කාන්තාවක් වැටී සිටින බවට මැදගම පොලිස් ස්ථානයට පණිවිඩයක් ලැබී තිබුණි.

ඒ අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් කාන්තාව රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර ඒ වන විටත් කාන්තාව මියගොස් සිට ඇති බවට වෛද්‍යවරුන් විසින් දන්වා ඇත. 

එලෙස මියගොස් ඇත්තේ, මකැන්දවින්න, මැදගම ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි කාන්තාවකි.

මෙම වෙඩි තැබීම මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් සිදුකර ඇති බවට සිදුකරණ ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. 

මෘත ශරීරය මැදගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඝාතනයෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇත. 

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මැදගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here