උතුරු ඉන්දියාවේ උත්තර්කන්ඩ් ප්‍රාන්තයේ හින්දු වන්දනා ස්ථානයකට පුද්ගලයින් හය දෙනෙකු රැගෙන යමින් සිටි හෙලිකොප්ටරයක් ගෞරිකුන්ඩ්හිදී අනතුරට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වාර්තාවන්ට අනුව, අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් හය දෙනෙකු එහි සිට ඇති බව සඳහන්.
ඉන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ඇති බවට වාර්තා වන නමුත් මරණ සංඛ්‍යාව තවමත් තහවුරු කර නොමැත. මියගිය අය අතර නියමුවා සහ දරුවෙකු ද වන බව සඳහන්.
මෙම අනතුර අද අලුයම 5.20 ට පමණ සිදුව ඇති අතර අනතුරට හේතුව පවතින අයහපත් කාලගුණය බවයි මූලික නිරීක්ෂණයන්ට අනුව වාර්තා වන්නේ.
සුප්‍රකට කේදර්නාත් වෙත හෙලිකොප්ටර් භාවිතයෙන් වන්දනාකරුවන් රැගෙන යාම නිතර සිදුවන්නක් වන නමුත් අයහපත් කාලගුණය හේතුවෙන් වාර්තා වුණු අනතුරු ඉතිහාසයක් ඊට ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
2022 වසරේ ඔක්තෝම්බර් මාසයේදී ද, වන්දනාකරුවන් රැගත් හෙලිකොප්ටරයක් එම ප්‍රදේශයේදී අනතුරට පත්වීමෙන් පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් තිබෙනවා.