රාගම වල්පොල ප්‍රදේශයේදී මුදල් ගනුදෙනුවක් හේතුවෙන් පුද්ගලයෙකුට පහරදී ඝාතන
කර තිබෙනවා.

ඊයේ (14) අළුයම් කාලයේ රාගම පොලිස් වසමේ වල්පොල ප්‍රදේශයේදී පුද්ගලයින් පිරිසක්
විසින් තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධ වලින් පහරදීම බරපතල ලෙස තුවාල සිදු කොට
තිබෙනවා.

තුවාල ලැබූ එම පුද්ගලයා රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගිය බව සඳහන්.

මෙම පිළිබඳව රාගම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර
තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 28 ක් වයසැති රාගම, වල්පොල ප්‍රදේශයේ
පදිංචිකරුවෙකි.

මුදල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරණ ලද විමර්ශනයේදී
අනාවරණය වී ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23, 24,හා 27 යන වයස්වල පසුවන රාගම ප්‍රදේශයේම
පදිංචිකරුවන් බව පොලිසිය පවසනවා.

රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here