කළුතර මහාධිකරණයෙන් මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම නියම කර තිබෙනවා.
මෙසේ මරණ දඬුවම නියම කෙරුණේ මතුගම නැගෙණහිර,බෝපිටියේ පදිංචි ගමගේ දොන් රුවන් මංජුල නමැති 48 වියැති පුද්ගලයෙකුට සහ කළුතර,පොතුපිටිය, පදිංචි රෝහන වසන්ත කුමාර නමැති 51 වියැති පුද්ගලයාටයෙකුට යි.
මීට වසර 16 කට ඉහතදී ,මතුගම ප්‍රදේශයේදී සිදු කරන ලද මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ මෙම දෙදෙනාට ඊයේ (7) මෙසේ මරණ දඬුවම් නියම කෙරුණේ කළුතර මහාධිකරණ විනිසුරු චන්න අබේරත්න මහතා විසිනි.
2007.04 .18 දින මතුගම පොළිස් වසමට අයත් බෝපිටිය සාරානන්ද මාවතේ එදින තිබූ මළ ගෙදරකට,තම පුතුන් දෙදෙනාද සමඟ ගොස් සිටියදී ,මියගිය පුද්ගලයා තවත් පිරිසක් සමඟ ඇතිකරගත් බහින්බස් වීමක් දුුර දිග යාම නිසා කෝපයට පත් පිරිසේ සිටි පුද්ගලයන් පිරිසක් විසින් පහර දෙන්ට පටන් ගෙන ඇත. මෙහිදී මිය ගිය පුද්ගලයාගේ පුතුන් දෙදෙනා පැනගොස් තිබූ අතර,එම ස්ථානයන් පලායාමට නොහැකිවූ පියා ගාමිණී විජේවර්ධන(61) (මියගිය පුද්ගලයා)ට මෙම පිරිස පහරදී තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇත.
මතුගම පොලිසිය මෙම මරණයට සම්බන්ධයෙන් සැකකරුවන් 12 දෙනකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කල අතර නඩු අංක 177/2023 යටතේ කළුතර මහාධිකරණයේ ,වසර දහසයක් (16) ක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙහි පළමුවන ප්‍රධාන විත්තිකරු වූ ,එවකට 32 වියෙහි පසු වූ බෝපිටිය මතුගම, පදිංචි රුවන් මංජුල හා දසවෙනි විත්තිකරු වූ එවකට 34 වියෙහි පසු වූ, කළුතර පොතුපිටියේ පදිංචි රෝහණ වසන්ත යන විත්තිකරුට මෙසේ මරණ දඬුවම් නියම කෙරුනු අතර සෙසු සැකකරුවන් දස දෙනා නිදහස් කෙරුණි.
නඩු තීන්දුවෙන් අනතුරුව බන්ධනාගාර බස් රථයට ගොඩවන අවස්ථාවේ දෙපාර්ශ්වයේම ඥාතීන් අධිකරණ භූමියේ පිට රැස්ව අඬා වැලපෙමින් සිටිනු දක්නට ලැබුණි.
(ගල්පාත – චන්දන පෙරේරා)