කොළඹ වාණිජ මහාධිකරණය විසින් හිටපු අමාත්‍ය දයා ගමගේ මහතාට අයත් බව කියන ආයතන තුනක් ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට තීන්දු කර ඇත.

දයා ගෲප් ලිමිටඩ්, දයා ඇපරල් එක්ස්පෝටර් (ප්‍රයිවට්) ලිමිටඩ්, ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන මෙලෙස වෙන්දේසි කිරීමට නියමිතව ඇත.

ජූලි මස 2 දා උදෑසන 10ට මෙම වෙන්දේසිය සිදුකරන බවට කොළඹ වාණිජ මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්, නියෝජ්‍ය පිස්කල් විසින් සඳහන් කර ඇත.

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමට අයවිය යුතු 104,229,342ක මුදලක් අයකර ගැනීමේ අරමුණින් එම ආයතන තුන ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට තීන්දු කර තිබේ.

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමට අය විය යුතු 108,309,342ක මුදලින් රුපියල් 4,080,000ක පමණ මුදලක් වගඋත්තරකරුවන් විසින් ගෙවා ඇති බැවින් ඉතිරි මුදල අය කරගැනීමේ අරමුණින් 2022 වසරේ නොවැම්බර් මස 10 වනදා ලබා දුන් නඩු තීන්දුව අනුව මෙලෙස වෙන්දේසි කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here