පළාත් පාලන නීතියට අනුව තනි පුද්ගලයෙකුට වුවද නගරාධිපති හෝ සභාපති ධූරය දැරීමේ
හැකියාව පවතින බව මාර්තු 12 ව්‍යාපාරය පවසනවා.

මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ඇතුළු සිවිල් සංවිධාන කිහිපයක් එක්ව ස්ථාපිත කොට ඇති
මාර්තු 12 ව්‍යාපාරය අද (15) මාධ්‍ය හමුවක් කැඳවමින් පසුගිය පළාත් පාලන ඡන්දයෙන්
තේරීපත්වූ ආයතන ස්ථාපිත කිරීම පිළිබඳව පැහැදිලි කරනු ලැබුවා.

මෙහිදී අදහස් දැක්වූ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියාසිටියේ
මහජන මතයට අනුගතව පළාත් පාලන ආයතනවල බලය පිහිටුවිය යුතු බවයි.

මෙහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ
හෙට්ටිආරච්චි මාර්තු 12 ව්‍යාපාරය වෙනුවෙන් මෙලෙස කරුණු පැහැදිලි කළා ….

“පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරු සභාපතිවරු අත්කිරිම ආරම්බ වෙලා …. 178 ක
තමයි අර්බුදය තිබෙන්නේ ….. 50% ක හෝ ඊට වැඩි ප්‍රමාණයක් නොවීම නිසා තමයි මේ
ගැටලුව ඇතිවී තිබෙන්නේ …. සෙසු ආයතනවල සභාපතිවරු පත්කිරීම අවසන්වෙලා ….
පළාත් පාලන ආයතන 178 සභාපතිවරු පත්කිරීම දැන් ආරම්බ වෙලා තියෙන්නේ ….
දේශපාලන … පක්ෂ මේ පත්කිරීම් සම්බන්ධයෙන් විවිධ මත පලකරනවා ….අපි අවදාරණය
කරන්නේ මහජන මතයට අනුගතව බලය පිහිටුවන්න … මොකද සමහර කණ්ඩායම් හිතනවා
තමන්ට ස්පෙක්ෂාව බහුතරය බලය ලබුනම තමන් තමයි ඒ සභාවේ නගරාධිපති ධූරය හෝ
සභාපති ධූරය දැරිය යුත්තේ කියලා …. ඒ වගේම තවත් සමහර කණ්ඩායම් කියනවා අපිට
තමයි විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එකතු කළවිට බහුතරය අපිට තිබෙනවා …..එනිසා
අපිට බලය ලැබිය යුතුයි කියලා …. නමුත් පළාත් පාලන නීතියට අනුව තනි පුද්ගලයෙකුට වුවද
නගරාධිපති ධූරය …සභාපති ධූරය දැරීමේ … හැකියාව තිබෙනවා … බහුතරයේ කැමැත්ත
තිබෙනවානම් ඕනෑම කෙනෙකුට එම තනතුර ලබා ගැනීමේ හැකියාව පවතිනවා ….මහජන
මතය විසිරි තිබෙන අවස්ථාවක ඒ විසිරුණු මහජන මතය කොහොමද ..පළමු රැස්වීමේදී පොදු
මතය බවට පත්කරලා සභාපතිවරයා නගරාධිපතිවරයා ..තෝරා ගැනීම පිළිබඳව ඉතාම
පැහැදිලිව පළාත් පාලන අමාත්‍යංශය ඉතා පැහැදිලිව උපදෙස් මාලාවක් නිකුත් කොට තිබෙනවා …..
මෙතනදී අපි අවදාරණය කරන්න ඕන …ඒ ඡන්ද විමසීමකදී රහස්‍ය ඡන්දයක් පවත්වන්නේද
නැතිනම් විවෘත ඡන්දයක් තියන කරණය තීරණය කිරීමේ බලය තිබෙන්නේ තේරීපත්වන
සභිකයින්ට …ඒ පැහැදිලිකිරිම අනුව යම්කිසි පළාත් පාලන ආයතනයක නගරාධිපතිවරයා හෝ
සභාපතිවරයා පත්කිරීමේදී එක නමකට වැඩිය යෝජනා උනොත් එවැනි අවස්ථාවකදී ඡන්ද
විමසීමකට යායුතුව තිබෙනවා …. එහිදී රහස්‍ය ඡන්දයක්ද විවෘත ඡන්දයක්ද කියන කරණය
පළාත් පාලන කොමසාරිස්වරයා සභිකයින්ගෙන් විමසා තීරණය කල යුතුය ….

ඒවගේම අපි මාර්තු 12 ව්‍යාපාරය හැටියට අවදාරණය කරන්නේ ප්‍රජාන්ත්‍රවාදී භාවිතාවට ඉඩ
දෙන්න මහජන මතයට ගරු කරන්න …. පළාත් පාලනය කියන්නේ පක්ෂ දේශපාලනයෙන් තොර
තැනක් කිසිඳු ආකාරයකට නීතියේ ආණ්ඩුපක්ෂයේ හෝ විපක්ෂයේ කියලා සඳහන් වෙන්නේ නැ ….
පළාත් පාලනයේ අරමුණ වෙන්නේ තමන්ගේ ගම නගරය සංවර්ධනය කිරීම … විශේෂයෙන්
අවදාරණය කරන්න කැමත්යි …පළාත් පාලන ආයතන ගැන කතාකරනකොට විදි ලාම්පු සවි
කිරීම …කුණු ඉවත් කිරීම …කුඩා ප්‍රමාණයේ බෝක්කු සකස් කිරීම ආදිය තමයි බොහෝ අය
සංවර්ධනය හැටියට හඳුන ගන්නේ ..හැබැයි අපි දන්නවා පළාත් පාලන ආයතන වලට තමයි
ලංකාවේ ව්‍යවස්ථාදායකයට වගේ මුදල් උපයන්නත් වියදම් කරන්නත් බලය තිබෙන්නේ … මේ
පළාත් පාලන ආයතන ඉදිරි වසර 4 තුල කුණු එකතු කිරීම …විදි ලාම්පු දැමීමෙන් ඔබ්බට ගොස්…
සියලු දෙනා …සාමුහිකව කටයුතු කරයි කියලා ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුත් …විපක්ෂයේ
දේශපාලන නායකයිනුත් … ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශයන් .. .. මේ අරඹයා නිකුත් කරනවා ….
එනිසා මාර්තු 12 ව්‍යාපාරය වශයෙන් අවදාරණය කරන්නේ මහජන මතය වැරදි ආකාරයට
අර්ථකථනය කරන්න එපා ..”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here