අස්වැසුම මුදල් වංචා කළ බව කියන කොළොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ
නිලධාරිනියක හෙට දින (16) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඇඹිලිපිටිය
වැඩ බලන මහෙස්ත්‍රාත් ඉනෝකා නයෝමි මහත්මිය නියෝග කරයි.
අස්වැසුම මුදල් වංචා කළ බවට සැක පිට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරිනිය
(13) වැනිදා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඉන් අනතුරුව ඊයේ (14) ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන්
අනතුරුව හෙට (16) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අද දින ස්ථිර ප්‍රධාන
මහේස්ත්‍රාත්වරයා වෙත යළි ඉදිරිපත් කරන ලෙසත් බැඩ බලන මහෙස්ත්‍රාත්වරිය නියෝග
කළා.
සැකකාරිය විසින් අස්වැසුම මුදල් රුපියල් තිස් පන්ලක්ෂ අසූ දහසක (3,581,000/=) මුදලක්
වංචා කර ඇති බවට චෝදනා ගොනු කර ඇති පොලිසිය සඳහන් කළේ තවමත් විමර්ශන
සිදු කරන බැවින් මේ මුදල ඉදිරියේ දී වෙනස විය හැකි බවයි.