අධිකරණය විසින් පිස්කල්වරයා මගින් විත්තියට භාරදීමට නියෝග කළ වාරණ නියෝගයක්
සහ අතුරු තහනම් දැන්වීම් නියෝගයක් පිස්කල්වරයා වෙනුවට පොලිසිය විසින්ම ගෙන ගොස්
විත්තියට භාර දීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදු කරන ලෙස කෑගල්ල දිසා විනිසුරු
ඩී. එම් රුවන් ධම්මික මහතා අධිකරණ ලේඛකාධිකාරීවරයාට නියෝග කොට තිබෙනවා.

එකී නියෝග පිස්කල් මගින් භාරදි ඇති බවට කාර්ය සටහන් අනුව පෙනී යන නමුත් සැබවින්ම
එකි නියෝග විත්තියට භාරදී ඇත්තේ පොලිසිය විසින් බවත් එය සිතාසි භාර දීමේ අධිකරණ
කාර්යය පටිපාටියට පටහැනියි ක්‍රියාවක් මෙන්ම පොලිසිය නීතිය අතට ගෙන අධිකරණය පහළ
තත්ත්වයට ඇද දැමීමක් බවත් පෙන්වා දෙමින් විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉයන්
ප්‍රනාන්දු කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය ලබා දුන්නා.

අනුන් වෙත පැවරී ඇති රාජකාරියක් සියතට ගෙන පොලිසිය කටයුතු කිරීමෙන් විත්තියට බලවත්
අගතියක් සිදුකර ඇති බවද විත්තියේ නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන් අතර එහි ගැටලු
සහගත තත්ත්වයක් පවතින බව විනිසුරවරයාද පිළිගෙන තිබුණා..

අලි ඇතුන්ගේ මළ අපද්‍රව්‍ය මගින් කඩදාසි නිෂ්පාදනය කරන සමාගමකට එරෙහිව ඉදිරිපත් කොට
ඇති පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව දිසා විනිසුරුවරයා මෙම වාරණ නියෝගය නිකුත්
කොට තිබුණා.

ඩෙරික් ප්‍රනාන්දු නීතිඥ සමාගමේ උපදෙස් මත නීතිඥ ලක්ෂිත කුමාරසිංහ සහ නීතිඥ රොෂානා
සමඟ රජයේ නීතිඥ ඉයන් ප්‍රනාන්දු සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here