ඉරානය සහ ඊශ්‍රායලය අතර අතර ඇතිව තිබෙන යුද ගැටුමට අමෙරිකා එක්සත් ජනපදය සම්බන්ධ නොවන බව ආමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ලද නව ප්‍රහාර සම්බන්ධයෙන් එක්සත් ජනපදය කිසිදු සම්බන්ධයක් නොපවතින බවයි.
කෙසේ වෙතත් ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන සිය පළි ගැනීමේ ප්‍රහාර නැවැත්වීමට උදව් නොකරන ලෙස ඉරානය විසින් අමෙරිකාව, ප්‍රංශය සහ එක්සත් රාජධානියට අනතුරු අඟවා තිබුණා.
එමගින් ඉරානය පෙන්වා දී තිබුණේ යම් හෙයකින් එසේ වුවහොත් ඉරානය විසින් කලාපයේ පිහිටි එම රටවල් තුනට අදාළ හමුදා කඳවුරු සහ නැව් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවයි.
එයට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ යම් ආකාරයකින් හෝ පහර දීමක් සිදුවුවහොත් එක්සත් ජනපද හමුදාවන්ගේ පූර්ණ ශක්තිය සහ බලය ඉරානයට දැක ගත හැකි වනු ඇති බවයි.
“ඉරානය අපට කිසියම් ආකාරයකින්, ස්වරූපයෙන් හෝ ආකාරයකින් පහර දුන්නොත්, එක්සත් ජනපද සන්නද්ධ හමුදාවන්ගේ සම්පූර්ණ ශක්තිය සහ බලය පෙර කිසිදා නොදුටු මට්ටමකින් ඔබ මතට වැටෙනු ඇත,” යනුවෙන් ට්‍රම්ප් සිය ගිණුමේ සටහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ ඉරානය සහ ඊශ්‍රායලය අතර ගිවිසුමක් ඇති කර ගත හැකි බවත් එමගින් මෙම ලේ හැලීම් අවසන් කළ හැකි බවයි.