ලොවම කම්පා කළ එයාර් ඉන්දියා ගුවන් අනතුරින් මියගිය සංඛ්‍යාව 270 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව අහමදාබාද්හි ගුවන් අනතුර සිදු වූ ස්ථානයෙන් මළ සිරුරු 270 ක් සොයා ගත් බවයි ඉන්දීය මාධ්‍ය අනාවරණය කරන්නේ.

ලන්ඩන් බලා පිටත් වූ ගුවන් යානය ගුවන් ගත වී ටික වේලාවකට පසු නේවාසික ප්‍රදේශයකට කඩා වැටුණු අතර, මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 242 දෙනාගෙන් එක් අයෙකු වන 40 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු හැර අනතුරින් අනෙක් සියල්ලන්ම මියගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරින් කොපමණ පිරිසක් මිය ගොස් ඇත්දැයි තවමත් තහවුරු කෙරෙමින් පවතින අතර, සොයාගත් මළසිරුරුවල අනන්‍යතාවයන් තහවුරු කිරීම සඳහා DNA සාම්පල ගැළපීමේ ක්‍රියාවලිය තවදුරටත් සිදුකෙරෙන බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here