කොළඹ මහ නගර සභාවේ පුරපති ධුරයට ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් තේරීපත් වුණා.

ඒ, අද (16) පැවති රහස් ඡන්ද විමසීමේදීයි.

කොළඹ මහ නගර සභාවේ පුරපති ධුරය සඳහා නම් දෙකක් යෝජනා වී තිබුණා.

ඒ, ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් සහ සමගි ජන බලවේගයේ රීසා සරුක් යන දෙදෙනායි.

එහිදී නගරාධිපති තේරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට තීරණය කෙරුණා.

ඡන්ද විමසීමේදී ව්‍රායි කැලී බල්තසාර් ඡන්ද 61ක් ලබා ගැනීමට සමත් වූ අතර රීසා සාරුක්ට ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද 54ක් පමණයි.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම අද මෙලෙස පැවැත්වුණේ, බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here