අද (16) උදෑසන Bnei Brak ප්‍රදේශයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් එරට ඉදිකිරීම් රැකියා සඳහා පැමිණි ශ්‍රී ලංකික තරුණයෙකුගේ පාදයට තුවාල සිදුව ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා.
එලෙස තුවාල ලබා ඇත්තේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි විමුක්ති මධුසංක නම් තරුණයෙක් බවයි තානාපතිවරයා සඳහන් කළේ.
තුවාල ලැබූ තරුණයා ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවයි ශ්‍රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.