ලැබූ ජයග්‍රහණය හුදෙක් ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයක් පමණක් නොව, කොළඹ නගරයේ සහ ලංකාවේ සෑම දෙනෙක්ගෙම ජයග්‍රහණයක් වන බව, කොළඹ පුරපතිනිය ලෙස අභිනවයෙන් තේරී පත්වූ ව්‍රායි කැලී බල්තසාර් පවසනවා.
ඇය මේ බව සඳහන් කර තිබුණේ, සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින්.
”මේ ජයග්‍රහණය හුදෙක් ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයක් පමණක් නොව, කොළඹ නගරයේ සහ ලංකාවේ සැම දෙනෙක්ගෙම ජයග්‍රහණය බව අප විශ්වාස කරන්නෙමු.
අප සමඟ අත්වැල් බැඳගත්, අපව විශ්වාසය කළ අපට නොයෙක් උදව් උපකාර කළ සැම දෙනාටම මගේ ආදරය සහ ගෞරවය.
අපි වැඩ පටන් ගමු සහ කොළඹ වෙසෙන සැම දෙනෙක්ගෙ ජිවිත ලස්සන කරමු.. ජය !”
කොළඹ මහ නගර සභාවේ පුරපති ධුරයට ව්‍රායි කැලී බල්තසාර් තේරීපත් වූයේ, අද (16) පැවති රහස් ඡන්ද විමසීමේදීයි.
පුරපති ධුරය සඳහා නම් දෙකක් යෝජනා වී තිබුණා.
ඒ, ව්‍රායි කැලී බල්තසාර් සහ සමගි ජන බලවේගයේ රීසා සරුක් යන දෙදෙනායි.
ඡන්ද විමසීමේදී ව්‍රායි කැලී බල්තසාර් ඡන්ද 61ක් ලබා ගැනීමට සමත් වූ අතර රීසා සාරුක්ට ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද 54ක් පමණයි.