ඊයේ (15) දිනයට යෙදී තිබුණු ලෝක පියවරුන්ගේ දිනය සැමරීමට, රස ලොව රජ කිරුළ – ‘මන්චි’ වෙතින් සුවිශේෂී, ආකර්ෂණීය වැඩකටයුත්තක් සිදුකර තිබුණා.

එය නම්කර තිබුණේ, “රස ලොව රජ කිරුළ පළඳවන පිය කිරුළ” යනුවෙනි.

මෙම වැඩකටයුත්තේ මූලිකම අරමුණ, දරුවන්ගේ ජීවිත හැඩකරනුවස් තම ජීවිතයම කැපකළ ආදරණීය පියවරුන් අගය කිරීමයි.

ඒ අනුව මන්චි ලාංඡනයෙහි ඇති කිරුළෙහි හැඩයට සකසන ලද කිරුළක්, එය කපා පැළඳවිය හැකි ආකාරයට ඉරිදා ලංකාදීප, මව්බිම, අරුණ සහ මොනරා පුවත්පත්වල පළකර තිබිණ.

එමෙන්ම ඩිජිටල් අවකාශය තුළත් මෙම ආකර්ෂණීය වැඩකටයුත්ත දක්නට ලැබිණ.

ඒ, මන්චි tiktok පිටුවෙහි පිය කිරුළ හැඩයට සකසන ලද filter එකක් පල කිරීමෙනි.

පියවරුන්ගේ දිනය වෙනුවෙන් කෙරෙන විවිධ වූ සැමරුම් අතර, මෙම පිය කිරුළ තම ආදරණීය පියවරුන්ට පළඳා ඔවුන්ව අගය කිරීමට විවිධ සමාජ ක්‍රියාකාරීන්, ජනප්‍රිය පුද්ගලයින් බොහෝ දෙනෙක් කටයුතු කර තිබීම විශේෂය.

පිය කිරුළ පැළඳවීමෙන් එහාට ගොස්, මෙම සුවිශේෂී පණිවුඩය සමාජයට රැගෙන යාම සඳහා සකසන ලද සංවේදී කතාවක් අඩංගු වීඩියෝපටයක්ද සමාජ මාධ්‍ය තුළට මුදාහැර තිබිණ.

මෙම පිය කිරුළ තවමත් ඔබ ඔබේ පියවරුන්ට පැළඳුවේ නැති නම්, අදම මන්චි ටික් ටොක් පිටුව හා සම්බන්ධ වී ඔබේ පියා ගැනත් ආදරණීය අගය කිරීමක් එක් කිරීමට තවමත් ඔබට අවස්ථාව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here