හොංකොං සිට නවදිල්ලිය බලා ගමන් ආරම්භ කළ එයාර් ඉන්දියා ගුවන්යානයක තාක්ෂණික දෝෂයක් ඇතිව ඇති බවට සැකකයක් හේතුවෙන්, යානය ගුවන් ගතකර සුළු මොහොතකින් නැවතත් හොංකොං බලා පැමිණ තිබේ.
මෙලෙස යළි පැමිණි තිබුණේ එයාර් ඉන්ඩියා ගුවන් සේවයට අයත් බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් ගුවන්යානයකි.
මෙම ගුවන්යානයේ තාක්ෂණික දෝෂයක් ඇති බවට නියමුවාට සැකයක් ඇතිවීම හේතුවෙන් යානය ගුවන්ගත කර සුළු මොහොතකින් ආරක්ෂිත පියවරක් ලෙස මෙලෙස ගුවන්යානය යළි හොංකොං බලා පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ගුවන්යානය මේ වනවිට පරීක්ෂාවට ලක්කරමින් පවතින බව වාර්තා වෙයි.