2009 වසරට පෙර ලබා ගත් රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට කඩිනම් තීරණයක් ගෙන නොමැති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

ඒ අනුව 2009 වසරට පෙර ලබා ගත් රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට යන බව කියන සිරස්තලය ඔස්සේ ප්‍රවෘත්ති පළ වුවද, ඒ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අවසාන තීරණයක් ගෙන නොමැති බවයි නිවේදනයක් නිකුත් කරමින් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

එසේම 2009 වසරට පෙර ලබාගත් රියැදුරු බලපත්‍ර වෙනුවට නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීමට කටයුතු කරන ලෙස මාධ්‍ය මගින් දැනුවත් කර ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා තිබෙන්නේ.

අදාළ නිවේදනය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here