උතු­රු­මැද පළාත් සභාවේ හිටපු මහ ඇමැති එස්.එම්. රංජිත් සම­ර­කෝන්ට සහ ඔහුගේ පෞද්ග­ලික ලේක­ම්ව­රිය ලෙස කට­යුතු කළ හිටපු ඇමැති එස්.එම්. චන්ද්‍ර­සේ­නගේ බිරිය වන ශාන්ති චන්ද්‍ර­සේන යන දෙදෙ­නාට මහා­ධි­ක­ර­ණය විසින් දුන් සිර­ද­ඬු­වම සම්බ­න්ධ­යෙන් ඉදි­රි­පත් කර ඇති අභි­යා­ච­න­යට යටත්ව කොළඹ මහා­ධි­ක­ර­ණය ඉදි­රියේ ගොනු­කර ඇති ඇප ඉල්ලී­මට අල්ලස් කොමි­සම ඊයේ (16දා) විරු­ද්ධ­ත්වය ප්‍රකාශ කළේය.

එම විරෝ­ධතා සම්බ­න්ධ­යෙන් ලබන ජූලි 02දා කරුණු ඉදි­රි­පත් කරන ලෙස විත්ති­යට දින නියම විය.

කොළඹ ප්‍රධාන මහා­ධි­ක­රණ විනි­සුරු ආදි­ත්‍යය පට­බැඳි මහතා විසින් පසු­ගිය අප්‍රේල් 02දා එම විත්ති­ක­රු­වන්ට බර­ප­තළ වැඩ සහි­තව වසර 16ක සිර­ද­ඬු­ව­මක් හා අම­ත­රව රුපි­යල් ලක්ෂ 2 බැගින් දඩ නියම කෙරිණි.

එම තීන්දුව සම්බ­න්ධ­යෙන් විත්තියේ නීති­ඥ­යන් පසු­ගිය මැයි මස 15දා අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යට අභි­යා­ච­න­යක් ඉදි­රි­පත් කරනු ලැබීය. අභි­යා­ච­නයේ තීන්දු­වට යටත්ව විත්තිය විසින් ගොනු­කළ ඇප ඇයැ­දුම මහා­ධි­ක­රණ විනි­සුරු ආදිත්‍ය පට­බැඳි මහතා ඉදි­රියේ සලකා බැලුණු අව­ස්ථාවේ අල්ලස් කොමි­සම වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­යන් විරු­ද්ධව කරුණු දක්වා සිටි­යේය.

එම කරුණු දැක්වීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහා­ධි­ක­රණ විනි­සුරු ආදිත්‍ය පට­බැඳි මහතා ඇප ඉල්ලීම සම්බ­න්ධ­යෙන් ලබන ජූලි 02දා විරෝ­ධතා ඉදි­රි­පත් කරන ලෙස පැමි­ණි­ල්ලට දන්වා සිටි­යේය.

උතුරු මැද පළාතේ ප්‍රධාන ඇමැ­ති­ව­රයා ලෙස කට­යුතු කළ සම­ර­කෝන් මුදි­ය­න්සේ­ලාගේ රංජිත් සම­ර­කෝන් යන අය රජයේ සේව­ක­යෙක් ලෙස කට­යුතු කර­මින් ඔහුගේ තන­තු­රට නීත්‍ය­නු­කූ­ලව හිමි­වන ඉන්ධන දීම­නාව වැටුප සමඟ ලබා දී තිබිය දී ඉන්ධන දීම­නාව ලෙස රුපි­යල් 26,80,528.10ක මුද­ලක් 2012- 2014 වසර දෙක සඳහා ලබා ගෙන තිබේ. ඔහුගේ පෞද්ග­ලික ලේක­ම්ව­රිය ලෙස හිටපු ඇමැති එස්.එම්. චන්ද්‍ර­සේ­නගේ බිරිය වන ශාන්ති චන්ද්‍ර­සේන කට­යුතු කර ඇත. අයුතු ලාභ ලැබීම ‍ සඳහා 2 වැනි විත්ති­කා­රි­යට අනු­බල දීම හා කුම­න්ත්‍ර­ණය කිරීම යන චෝදනා යටතේ කොළඹ මහා­ධි­ක­ර­ණය දඬු­වම් නියම කළේය. ගලෙ­න්බි­ඳු­ණු­වැව, කැකි­රාව පාරේ පදිංචි කේ. නිමල් විජේ­ති­ලක නම් තැනැත්තා සිය පුර­වැසි හිමි­කම අනුව 2015 වසරේ දී දූෂණ මර්දන කමි­ටුව මඟින් අල්ලස් කොමි­ස­මට ඉදි­රි­පත් කළ පැමි­ණි­ල්ලක් අනුව මෙම නඩුව ගොනු කිරීම සිදු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here