පවතින යුදමය තත්ත්වය පිළිබඳව අවබෝධ කර ගනිමින්, සුපරීක්ෂාකාරීව සිටින ලෙස ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී.

ඒ අනුව ජනතාව බහුලව ගැවසෙන ස්ථානවල සහ රාත්‍රී කාලයේ ගමන්, උත්සව අවස්ථා සඳහා සහභාගී වීමත්, දුර ගමන්වල යෙදීමත් තාවකාලිකව නතර කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

එළිමහනේ ගැවසීමේ දී තම ලෙබනන් හැඳුනුම්පත හෝ ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක් ලඟ තබා ගන්නා ලෙස ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here