විපක්ෂනායකවරයා ප්‍රමුක පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන සමගි ජන
බලවේගය පාර්ලිමේන්තු සභාව වර්ජනය කොට තිබෙනවා.
අද (17) පෙරවරුවේ පාර්ලිමේන්තු රැස්වීම ආරම්බයේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධයක
පර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ඉරානය හා ඊශ්‍රායලය අතර ඇතිවී තිබෙන
යුධ ගැටුම් හා ඉන් රටට එල්ලාවන බලපෑම ගැන ප්‍රශනයක් මතු කිරීමට යාමේදී
කතානායකවරයා එයට අවස්ථාව ලබාදුන්නේ නැහැ.
ඉන්පසු විපක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ලවුණා.
පසුව ඇතිවූ තත්ත්වය පිළිබඳව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද
ජයතිස්ස අදහස් දකව්මින් විපක්ෂය කතානායකවරයාට අපහස කරමින් පාවිච්චිකළ
වචන සභාවට නොගැලපෙන බවත් විපක්ෂය එලෙස අපහස කළේ කතානායක
තනතුරට හා පාර්ලිමේන්තුවට බවත් කියා සිටියා.
පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා විපක්ෂේයේ ප්‍රධාන සංවිධායක ගයන්ත
කරුණාතිලක අදහස් දක්වමින් කියා සිටියේ විපක්ෂ කතානායකවරයාත් විපක්ෂයේ
ප්‍රධාන සංවිධායකවාරයත් කාලය ඉල්ලා සිටිනේ වල්පල් කතා කිරීමට නොව රටට
වැදගත් කාරණයක් ගැන සභාවේ අවදානයට යොමු කිරීමට බවය.
සභානාය අමාත්‍ය බිමල් රත්නායක අදහස් දක්වමින් විපක්ෂයේ ක්‍රියා කලාපය විවේචනයට
ලක් කළා. සභානායකවරයා කියා සිටියේ විපක්ෂයේ හැසිරීම මිරිස් කුඩු සිද්ධියටත්
වඩා පහත් බවයි …. විපක්ෂය පාලනය කර ගැනීම විපක්ෂනයකවරයාගේ වගකීමක්
බව ද සභානායකවරයා සඳහන් කළා.
පසුව විපක්ෂ නායකවරයා ප්‍රමුක සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු සභාව වර්ජනය කරමින්
සභාවෙන් පිටව ගියා.
මේ පිළිබඳව අදහස් දැකුවූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ
කතානායකවරයාගේ ඒකාධිපති ක්‍රියාකලාපයට විරෝධය පල කර සභාව වර්ජනය
කළ බවයි.