ඉරානය සමඟ උත්සන්න වන ගැටුම් මධ්‍යයේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සිය පුත්‍රයාගේ විවාහ මංගල්‍යය කල් දමා ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
Times of israel වාර්තාවන්ට අනුව, නෙතන්යාහුගේ පුත් අව්නර් නෙතන්යාහු (Avner Netanyahu) සිය පෙම්වතිය වන අමිත් යාර්ඩෙනි (Amit Yardeni) සමඟ විවාහ වීමට නියමිතව තිබුණේ, ඊයේ (16) දිනයේදීයි.
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තවමත් ගාසා තීරයේ රඳවා සිටින අතරතුර, නෙතන්යාහු පවුලේ පිරිස් සමඟ එක්ව විවාහයකට සැරසීම ඇතැම් රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් විසින් හෙළා දැකීමත් සමඟ මෙම විවාහය දැඩි මතභේදයට තුඩුදුන්නා.
පසුව එය කල් දැමීමට තීරණය කර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
ඒ අනුව ටෙල් අවිව් නගරයට උතුරින් පිහිටි කිබුට්ස් යකුම් හි ඉහළ පෙළේ රොනිට්ස් ෆාම් උත්සව ශාලාවේ විවාහ මංගල්‍ය පැවැත්වීමට නියමිතව තිබී ඇති අතර, ඒ අසල දැඩි පෙළපාලි සංවිධානය කරන බවට ද රාජ්‍ය විරෝධී සංවිධාන කිහිපයක් ම ගෙවුණු දින කිහිපය තුළ අනතුරු අඟවා තිබෙනවා.
එමෙන්ම ඊශ්‍රායල පොලිසිය එම ස්ථානයේ සිට මීටර් 100 ක අරයක් තුළ යකඩ මාර්ග බාධක සහ කටු කම්බි වැටවල් ඉදිකර තිබී ඇති අතර, පොලිස් හෙලිකොප්ටර් හැර එම ස්ථානයේ සිට කිලෝමීටර් 1.5 ක අරයක් තුළ ගුවන් අවකාශය වසා දමන බවට ද මෙම සතිය මුලදී නිවේදනය කළ බවත් ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් වාර්තාවේ සඳහන්.
මීට ඉහත එනම් අප්‍රේල් මාසයේදී, මනාලියගේ පවුලේ අය විසින් පවත්වන ලද සහ නෙතන්යාහු පවුල සහභාගී වූ පූර්ව විවාහ උත්සවයේදී ද, ශාලාවට පිටත සිය ගණනක රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් විසින් විරෝධතා දක්වන ලද බව සඳහන්.
ඒ අනුව අව්නර් නෙතන්යාහුගේ විවාහ මංගල්‍යය මෙලෙස කල් දැමෙන්නේ, දෙවන වරටයි.
පසුගිය වසරේ ද අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවසකට එල්ලවූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන්, හිස්බුල්ලා සංවිධානය විසින් විවාහ මංගල උත්සවය ඉලක්ක කර ගත හැකි බවට ඇතිවූ බියක් හේතුවෙන් විවාහය කල්දමන ලදී.