ඉරානය සමඟ පවතින ගැටුම අතරතුර ඊශ්‍රායලයට එල්ල වූ මෑත කාලීන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයන් හතර දෙනෙකු තුවාල ලබා ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.
ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ අද (17) උදෑසන 05.00 වන විට තුවාල ලැබූ පුද්ගලයින් යහපත් තත්ත්වයක පසුවන අතර දින කිහිපයක් ඇතුළත ඔවුන්ට යළි සේවයට පැමිණීමට හැකියාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
මීට අමතරව තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු පදිංචි ස්ථාන පිපිරීමකට ලක්වී ඇති අතර ඔවුනට අලුත් නවාතැන් ලබාදීමට ඔවුන් සේවය කරන සමාගම කටයුතු කර ඇති බවද ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කර තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන කාර්යය මණ්ඩල සාමාජිකයෙකු පදිංචි නිවාසයකටද හානි සිදුව ඇති අතර, ඇයට හානි සිදුවී නොමැති බවද නිමල් බණ්ඩාර මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ, ජාත්‍යන්තර මාධ්‍ය ඊශ්‍රායලයට සිදුවූ ප්‍රහාර පිළිබඳ ප්‍රමාණය ඉක්මවා තොරතුරු විකාශනය කිරීම් හේතුවෙන් ඇතැම් ශ්‍රී ලාංකිකයන්ගේ ලංකාවේ සිටින සමීපතමයන් අනවශ්‍ය ලෙස කලබල වී ඇති බවයි.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව තොරතුරු යාවත්කාලීන කරන අතරම ශ්‍රී ලාංකිකයන් පිළිබඳව දවස පුරා අවධානයෙන් පසුවන බවද තානාපතිවරයා සඳහන් කරනවා .