මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ, ඉරානයේ ටෙහෙරාන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉන් ඉවත් කිරීමට පියවර ගත් බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (17) පාර්ලිමේන්තුවේදී මැදපෙරදිග යුද ගැටුම් තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්.

ඒ අනුව වෙනත් ස්ථානයක සිට තානාපති කාර්යාලයේ කටයුතු කෙරෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම පවතින තත්ත්වය හමුවේ මේ වන විට ලාංකිකයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවත් ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල වන අතර අනෙක් තිදෙනාගේ තත්ත්වය බරපතල නොවන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර ඊශ්‍රායලය සහ ඉරානය තුළ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය එම රටවල පිහිටි තානාපති කාර්යාල හරහා නිරන්තර සොයා බලමින් සිටින බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් විජිත හේරත් මහතා සඳහන් කළේ, ඊශ්‍රායලයේ රැකියාවලට පිටත් කිරීම රජය මඟින් මේ වන විට නතර කර ඇති බවත්, නිවාඩු සඳහා මෙරටට පැමිණ සිටින අය හට යළි ආපසු යාමට අවස්ථාවක් මේ වන විට නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here