ඊශ්‍රායල විදෙස් බුද්ධි ආයතනය වන මොසාඩ් සංවිධානයේ මූලස්ථානයේ ගින්නක් වාර්තා වන බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
මධ්‍යම ඊශ්‍රායල නගරයේ අද (17) උදෑසන දැවැන්ත පිපිරීම් වාර්තා වූ අතර, ගොඩනැගිල්ලකින් විශාල දුමාරයක් නැඟී එන ආකාරය දැක්වෙන ඡායාරූපද විදෙස් මාධ්‍ය වාර්තාවේ සඳහන්.
මෙහිදී ඊශ්‍රායල හමුදාවෙහි ප්‍රධාන සැපයුම් මූලස්ථානයක් ද ඉලක්ක කර ඇති බව වාර්තා වෙයි.
ඊශ්‍රායල ගුවන් ආරක්ෂණ පද්ධති මෙම ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත්ව ඇති බව ද ඉරාන මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
ස්කයි නිවුස් පුවත් සේවය වාර්තා කර ඇත්තේ, මාධ්‍යවේදීන් සඳහා එම ස්ථානයට සමීප වීමට අවසරය ආරක්ෂක අංශවලින් නොලැබුණු බවයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලය මෙතෙක් කිසිඳු නිල ප්‍රකාශයක් සිදුකර ඇත්තේ නැහැ.