ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි. 

ඊයේ පළමු දිනට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශය කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 292 ක් රැස් කරගෙන සිටිනවා. 

බංග්ලාදේශ නායක නජිබුල් හුසේන් සැන්ටෝ නොදැවී ලකුණූ 136ක් සහ මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 105ක් ලබා ගත්තා. 

මෙම තරගය ඇන්ජලෝ මැතිව්ස්ගේ අවසන් ටෙස්ට් තරගය වන අතර තරග ආරම්භයට පෙර ඔහුට උපහාර දැක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කෙටි උත්සවයක් ද සංවිධාන කර තිබුණා. 

එහිදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් දැක්වූ දායකත්වය සඳහා ඇන්ජලෝ මැතිව්ස් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here