2027-29 ලෝක ටෙස්ට් ශූරතාවලියේ ටෙස්ට් තරග දින 4කට සීමා කිරීම කෙරෙහි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය අවදානය යොමු කොට තිබෙනවා.

2027-29 ටෙස්ට් ලෝක ශූරතා චක්‍රයේදී කුඩා රටවල් වෙනුවන් සිව්දින ටෙස්ට් තරග ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදීමට ICC සූදානමින් පසුවන බවට විදෙස් මාධ්‍ය වාර්ථා කොට තිබෙනවා.

කෙසේ නමුත් ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවලට දින පහක ටෙස්‍ට් තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිම්වන බවද එම වාර්තාවල සදහන්.

අලුබදුන තරගාවලිය, බෝඩර් ගවස්‍කාර් කුසලානය සහ මෑතකදී හඳුන්වා දුන් ඇන්ඩර්සන් ටෙන්ඩුල්කාර් කුසලානය යන තරගාවලි වෙනුවන් පමණක් දින පහේ ට්‍ර්ස්ට් තරග ක්‍රියාත්මක වනු ඇතියි.

2017 වසරේදී ICCය විසින් ද්වීපාර්ශික සිව්දින ටෙස්ට් තරග සඳහා අවසරය ලබාදුන් අතර එංගලන්ත කණ්ඩායම සිම්බාබ්වේ සහ අයර්ලන්තයට එරෙහිව සිව්දින ටෙස්ට් තරග ක්‍රීඩා කොට තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here