ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි සම්බන්ධයෙන් අමෙරිකානු ජනපතිගෙන් X ගිණුමේ සටහනක් තබමින් තර්ජනාත්මක ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි සිටින තැන තමන් දන්නා බවත් එම ස්ථානය ඉතා පහසු ඉලක්කයක් බවත් ය.

කෙසේවෙතත් දැනට ඔහුව ඝාතනය කිරිමට අපේක්ෂා නොකරන බව, ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කිරිමට, අවශ්‍යතාවයක් නැති නමුත් අමෙරිකාවේ ඉවසීම මේ වනවිට ඉක්මවා යමින් ඇතැයි ඩොනල්ඩ් ට්‍රම්ප් තබා ඇති සටහනේ සඳහන්.

ඉරානය ගුවන් අවකාශයේ සම්පූර්ණ පාලනය ද අමෙරිකාව සතු බව පවසන ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරාන ගුවන් හමුදාවට වඩා සිය ගුවන් හමුදාව ශක්තිමත් බව ද පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here